Friday, November 10, 2017

නිල හරිත තීරසාර අයවැය - 2018

හරිතකරණය අනුව වාහන භාවිතය ප්‍රවර්ධනය කරනවා. මේ අරමුණ සඳහා  රජයේ සියලු වාහන 2025 වනවිට හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් කරනු ඇත.

විදුලි ත්‍රීරෝද බස් ඇතුළු විදුලිබල වාහන ආනයන බදු අඩු කරනු ඇත. එන්ජින් ධාරිතාව අනුව ආනයන බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා.

අවම වශයෙන් ලක්ෂ 10 කින් විදුලි වාහන අඩුවනු ඇත. අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු ඇත,පොඩි වාහන සිහිනය මේ අනුව සැබෑ වනු ඇත.
vehicle tax in sri lanka 2018 budget, 2018 budget proposal sri lanka, budget 2018 sri lanka, sri lanka budget 2018 date, vehicle prices in sri lanka after budget 2018, vehicle prices after budget 2018, new vehicle tax in sri lanka

එන්ජින් ධාරිතාව 2500 ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විහේෂ බද්දක් පනවනු ඇත, ඩීසල් ත්‍රීරෝද රථ පරිසරයට හානිකර නිසා ආනයන බදු වැඩි කරනවා. දේශීය එකල්ස් කරන වාහන සඳහාද සහන සලසනවා. දැනට ත්‍රීෙරා්ද රථ අයිති අයට බංග්ලාදේශය වැනි රටවලට විකුණන්නට අවස්ථාව සලසනු ඇත. ඒ සඳහා නැව් පහසුකම් කොන්දේසි හඳුන්වා දෙනවා.

එයාර් බෑග්ස් රහිත වාහන ආනයනයට ඉඩ දෙන්නේ නැත,

ඉලෙක්ට්‍රික් බස් ලංගමයට හඳුන්වා දෙන්නට මිලියන 500 ක් මේ වසරේත් හදුන්වා දී ඇත,
චාර්ජ් කරන ස්ටේෂන් ලංකාව පුරා වැඩි කිරීමට සහන සලසනවා. කාබන් බද්දකුත් හඳන්වා දෙනු ඇත. මේ අනුව වසර 5 ක් ඇතුළත ලබාගත්  මෝටර් සයිකල් කාර් බස් සඳහා සත 17,රු 1.78 ක් හා  2.74 දවසකට ගෙවිය යුතුය.

සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට යෝජනා කරනවා. රජයේ සේවයකයන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

ඕෆ් රෝඩ් ක්‍රීඩා විදුලි වාහන සඳහා බදු සහන ලබාදීමට පියවර.

No comments:

Post a Comment


FIND YOUR DREAM CAR

Why Advertise on Carprices.lk ?