Monday, August 8, 2016

Isuzu D-Max Pickup Car price in Sri Lanka



Isuzu D-MAX: Review, Specification, Price, in Sri Lanka,CarAdvice | Customer Reviews Pick Up Trucks | Isuzu cars for Sale | Isuzu car price in Sri LankaSATHOSA MOTORS



1 comment:

  1. Isuzu හිමියන්ට සතොස මෝටර්ස් වෙතින් වගකීම දීර්ඝ කරගැනීමේ අවස්ථාව.

    Isuzu වාහන හිමියන්ට තම වාහන සඳහා ලැබෙන වගකීම දීර්ඝ කරගැනීමේ අවස්ථාව උදාකර දී ඇති බව, Isuzu රථවාහන සඳහා මෙරට නිල නියෝජිත සතොස මෝටර්ස් පීඑල්සී සමාගම නිවේදනය කර ඇත.

    මෙම නව ක‍්‍රමය යටතේ Isuzu ට‍්‍රක්රථ සඳහා වසර 2 ක හෝ කිලෝමීටර් 100,000 ක වගකීමක්ද, Isuzu D-MAX සහ MU-X රථවාහන සඳහා වසර 2 ක හෝ කිලෝමීටර 150,000 ක වගකීමක්ද හිමි වේ. මීට පෙර මෙම රථවාහන සඳහා හිමි වූයේ වසර 1 ක වගකීමකි. මෙම දීමනාව නිසා දැන් Isuzu රථවාහන හිමියන්ට වඩා වැඩි විශ්වාසයකින් යුතුව තම රථවාහන ධාවනයේ යෙදවීමටත්, නඩත්තුවක් අවශ්‍ය වූ අවස්ථාවකදී වඩාත් විශ්වාසනීය ලෙස එම අවශ්‍යතාව ඉටුකරගැනීමටත් අවස්ථාව හිමි වේ.

    ඊට අමතරව, තම සේවාව තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් ලෙස මහමගදී සහය අවශ්‍ය වන අවස්ථා සඳහා පැය 24 පුරා සේවා සැලසීමේ ක‍්‍රමයක් දියත් කිරීමටද සතොස මෝටර්ස් සමාගම කටයුතු යොදා ඇත. මෙය Isuzuවාහන හිමියන්ගේ ඉමහත් ප‍්‍රශංසාවට ලක්වන පියවරක් වනු නොඅනුමාන ය.

    සතොස මෝටර්ස් සමාගම ආරම්භ කරන ලද්දේ Isuzu නියෝජිතභාවය සමාගමට හිමිවූ 1962 වර්ෂයේදී ය. එතැන් පටන් මෙරටට නියම Isuzu රථවාහන අමතර කොටස් සපයන සමාගම ලෙස විශාල දියුණුවක් හා කීර්තියක් අත්පත් කරගැනීමට සමාගම සමත් වී ඇත.

    Isuzu වාහන සඳහා එකම නියෝජිතයා ලෙස ඉතාමත් ඉක්මනින් මෙරට සැහැල්ලූ සහ මධ්‍යම ප‍්‍රමාණයේ වාණිජ ට‍්‍රක්රථ වෙළඳපොළ ජයගැනීමට සතොස මෝටර්ස් සමත් විය. මේ ඔස්සේ Isuzu ට‍්‍රක් රථ මෙරට ආර්ථිකයේ අනිවාර්ය අංගයක් බවට පත්වූ අතර අඩ සියවසකට අධික කාලයක් තිස්සේ මෙරට ව්‍යාපාර සඳහා මහඟු අත්වැලක් සැපයීමට ඒවා සමත් වී ඇත.

    Isuzu ට‍්‍රක්රථ ඇතුළු වාණිජ රථවාහන හඳුන්වා දීමට අමතරව, මෑතකදී පටන් සිය විවිධාංගීකරණ වැඩසටහන යටතේ මගී රථවාහනද වෙළඳපොළට හඳුන්වා දීමට සතොස මෝටර්ස් පීඑල්සී කටයුතු කර තිබේ. Isuzu MU-X SUV සහ D-Max කැබ් රථ මෙන්ම සුඛෝපභෝගී Isuzu බස්රථ පෙළක්ද මෙරටට හඳුන්වා දෙන ලද්දේ එහි එක් පියවරක් වශයෙනි.

    Source: https://goo.gl/dC2Rr4

    ReplyDelete


FIND YOUR DREAM CAR

Why Advertise on Carprices.lk ?