Showing posts with label How Budget 2018 could affect vehicle prices. Show all posts
Showing posts with label How Budget 2018 could affect vehicle prices. Show all posts

Saturday, November 11, 2017

2018 අය වැයෙන් පසු වාහන මිල වෙනස් වන හැටි

2018 අය වැයෙන් පසු වාහන මිල අඩුවැඩිවන හැටි2018 අයවැය බදු යෝජනාවලින් පසු වාහනවල මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් බොහෝ අයගේ අවධානය යොමු විය.

මේ වනවිට වාහන මිල සම්බන්ධයෙන් විශ්ලේෂකයින් කිහිපදෙනෙකුම සිය අදහස් දක්වා ඇති අතර ඒ අනුව අනුමාන වශයෙන් ඉදිරි දිනවල වාහන මිල හැසිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදී ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමය දන්වා සිටින්නේ,

# ටොයෝටා ඇක්සිඕ, ඇක්වා, හොන්ඩා වෙසෙල්, හොන්ඩා ග්‍රේස් යන රථ රුපියල් 750,000 කින් පමණ වැඩි වනු ඇති බවයි.
# නිසාන් එක්ස් ට්‍රේල්, මිට්සුබිෂී අවුට්ලෑන්ඩර්, ටොයෝටා ප්‍රියෙස් යන වාහන රුපියල් ලක්ෂ 10 කින් ඉහළ යනු ඇති බවත්
# ටොයෝටා ප්‍රිමියෝ, ටොයොටා ඇලිඔන් යන වාහන රුපියල් ලක්ෂ 2 කින් ඉහළ යෑමට හැකි බවත් වාර්තාවේ.
# ටොයෝටා ප්‍රාඩෝ රථ රුපියල් ලක්ෂ 75 කින් වැඩි වීමට ඉඩ තිබේ.
# ලෑන්ඩ් කෘෘසර් රථ රුපියල් ලක්ෂ 125 කින් වැඩි වීමට ඉඩතිබේ.

නිසාන් ලීෆ්  රථ රුපියල් මිලියනයකින් අඩු වී ඇති බවත් සුසුකි වැගන්, ටොයෝටා විට්ස් යන රථ ලක්ෂ 4 කින් අඩු වනු ඇත.

මෙවර අයවැයේදී දැනට පවතින වසර 7 ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද හඳුන්වා තිබේ. ඒ අනුව බදු අගයයන් පහත පරිදි වනු ඇත.



FIND YOUR DREAM CAR

Why Advertise on Carprices.lk ?