Showing posts with label price of a Japanese car in Sri Lanka before taxe. Show all posts
Showing posts with label price of a Japanese car in Sri Lanka before taxe. Show all posts

Wednesday, June 25, 2025

බදුවලට පෙර ජපන් වාහනවල ඔබ පුදුම කරවන මිල මෙන්න

 මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.


ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර් රථයක් මෙරට මුදලින් ලක්ෂ 35ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

මෙරටට රථ වාහන ආනයනය සඳහා පසුගියදා රජය ගැසට් නිවේදනයක් මගින් අවසර ලබාදෙනු ලැබුවා.

කෙසේවෙතත් එම ගැසට් නිවේදනයට අනුව සාමාන්‍ය ජනතාව සඳහා මෝටර් රථ ඇතුළු වාහන ආනයනයට අවසර ලැබී තිබුනේ නැහැ.

එවන් පසුබිමක මෝටර් රථ ඇතුළු වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන ආකාරයට නවීන පන්නයේ ''ටොයොටා කොරොල්ලා ක්‍රොස්'' වර්ගයේ මෝටර් රථයක් බදු රහිතව මෙරටට රුපියල් ලක්ෂ 55 - 60ක් අතර මුදලකට ආනයනය කළ හැකියි.

තවද ජපානයේ ''හොන්ඩා වෙසල්'' වර්ගයේ මොටර් රථයක් මෙරටට ආනයනය කිරීමේ දී ඒ සඳහා වන මිල රුපියල් ලක්ෂ 60 - 65ත් අතර පැවතිය හැකි බව ඔවුන් පවසනවා.

එමෙන්ම බදු මිල ඇතුළත් නොවී ''ටොයොටා යාරිස්'' වර්ගයේ මොටර් රථයක් මෙරටට රුපියල් ලක්ෂ 27 - 30ත් අතර මුදලකට ආනයනය කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ''ටොයොටා යාරිස් ක්‍රොස්'' වර්ගයේ මෝටර් රථයක බදු රහිත මිල රුපියල් ලක්ෂ 55ක් පමණ වනවා.

එමෙන්ම මෙරට බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය ''සුසුකි වැගර් ආර්'' වර්ගයේ මෝටර් රථයක් මෙරට මුදලින් ලක්ෂ 35ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසන්නේ.

Source: hirunews.lk

FIND YOUR DREAM CAR

Why Advertise on Carprices.lk ?